1889 අප්‍රේල් 16 වෙනිදා දකුණු ලන්ඩනයේ ඉපදුණු චැප්ලින් ජීවිතේ පටන් ගත්තේ අන්ත දුප්පත් පවුලක සාමාජිකයෙක් විදිහටයි. චැප්ලින් කුඩා අවදියේම ඔහුගේ පියා තමන්ගේ දරු පවුල අත ඇරලා නගරයෙන් පිටතට යනවා. එතන ඉදලා චැප්ලින්ට සිය සහෝදරයත් එක්ක ගෙවන්න වෙන්නේ ඉතාම කටුක ජීවිතයක්. තමන්ගේ දරුවෝ දෙන්නා ජීවත් කරවන්න චැප්ලින්ගේ මව ගෙවීමේ පදනම යටතේ මහන මැෂිමක් මිලදී අරගෙන රෙදි මහන්න පටන් ගන්නවා. ඒත් හිතපු තරම් ආදායමක් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. මේ නිසා මහන මැෂිම අයිති සමාගම ඒ මැෂිම නැවත චැප්ලින්ගේ මවගෙන් තමන් වෙත ලබා ගන්නවා. පවුල ජීවත් කරවන්න තිබුණු එකම මාර්ගයත් ඇණහිටුනට පස්සේ චැප්ලින්ගේ මව හිතාගන්නවත් බැරි විදිහට මානසිකව ඇද වැටෙනවා. ඒකේ අවසන් ප්‍රතිඵලය විදිහට චැප්ලින්ගේ මව උමතු රෝගියෙක් බවට පත් වෙනවා. තව දුරටත් ඇයව සමාජයේ තබා ගැනීමට නොහැකිව ඇයව උමතු රෝහලකට ඇතුලත් කරන්නට චැප්ලින්ලට සිදුවෙනවා.
අම්මා තාත්තා දෙන්නම නැතුව අසරණ වන චැප්ලින් හා ඔහුගේ සහෝදරයට එතනින් පස්සේ නතර වෙන්න වෙන්නේ අනාථ නිවාසයක. චැප්ලින්ගේ නිර්මාණ වලට පසුකාලීනව පාදක වුණු පාදඩ සමාජ ජීවිත ගැන චැප්ලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේ අනාථ නිවාසයේදී. ඒ වගේම චැප්ලින්ගේ පලමුවෙනි රංගනය සිද්ධ වෙන්නෙත් මේ කාලයේ.
ඔහු ඉගෙන ගත්ත පාසලේ දවසක් ඔහුට කවියක් කියන්න අවස්ථාව ලැඛෙනවා. චැප්ලින් මේ කවිය නිකන්ම ගායනා නොකොට පුංචි රඟපෑමකුත් එකතු කරමින් ගායනා කරනවා. චැප්ලින්ගේ මේ ඉදිරිපත් කිරීම ගැන ප්‍රසාදයට පත් එක් ගුරුවරයෙක් මුළු පාසලේ පන්තියක් පන්තියක් ගාණේ චැප්ලින්ව ගෙන යමින් ඔහු ලවා මෙම කවිය ගායනා කරවනවා. මේක තමයි චැප්ලින්ගේ පලමු රංගන අත්දැකීම. චැප්ලින් සතුව අපූරු රංගන හැකියාවක් ඇති බව පාසලේ සිටි සියලු දෙනාට ප්‍රත්‍යක්ෂ වුණේ ඊට පස්සේ. පාසල් අධ්‍යාපනප්ය අවසන් කරනවාත් සමගම චැප්ලින්ට විවිධ නාට්‍ය, චිත්‍රපට සමාගම් වලට සම්බන්ධ වෙමින් පුංචි පුංචි විහිළු චරිත රඟපාන්න පටන් ගන්නවා.
රංගනය ගැන අත්දැකීම් එකතු කරන්න චැප්ලින්ට අවස්ථාව ලැඛෙන්නේ මේ චාරිකාව නිසා. කොහොම හරි චැප්ලින් The kid, A woman of paris, The gold rush, The great dicator, Limelight වගේ ලෝක සිනමාව උඩු යටිකුරු කරන නිර්මාණ බිහි කරන්න පටන් ගන්නවා. සිනමාව තාක්ෂණික වශයෙන් එතරම් දියුණු නොවූ මෙවැනි කාලයක චැප්ලින් ඉතාමත් දියුණු ප්‍රයෝග පාවිච්චි කරමින් මුළු ලෝකයම හිනස්සවනවා. වැදගත්ම දේ වෙන්නේ මේ හැම නිර්මාණයකම ප්‍රධාන නළුවා, අධ්‍යක්ෂක, තිරකතා රචකයා වගේම සංගීත නිර්මාණ ශිල්පියත් ඔහුම වීමයි.